AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන්ට අවසන් තරගය ජයගන්න ලකුණු 195ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 23 තුළ කඩුලු 03 දැවී ලකුණු 156ක් ලකුණු පුවරුවට එක් කළා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කිරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක අද සිය 15 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 56ක් එක් කළා.

වේගවත් ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් පන්දු 22ක් තුළ රැස්කළ අතර, ඔහු අද දිනයේ ජාත්‍යන්තර එක්දින ලකුණු 4000 සීමාව ද පසුකර යෑමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් අද රැස්කළේ සිය 31 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වන අතර, ඔහු පන්දු 19ක දී මෙම අර්ධ ශතකය රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 50කට මුහුණ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 34ක්.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 23ක් තුළ ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?