කොදෙව්වන්ට අවසන් තරගය ජයගන්න ලකුණු 195ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 23 තුළ කඩුලු 03 දැවී ලකුණු 156ක් ලකුණු පුවරුවට එක් කළා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කිරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක අද සිය 15 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 56ක් එක් කළා.

වේගවත් ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් පන්දු 22ක් තුළ රැස්කළ අතර, ඔහු අද දිනයේ ජාත්‍යන්තර එක්දින ලකුණු 4000 සීමාව ද පසුකර යෑමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් අද රැස්කළේ සිය 31 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වන අතර, ඔහු පන්දු 19ක දී මෙම අර්ධ ශතකය රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 50කට මුහුණ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 34ක්.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 23ක් තුළ ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51