AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව නැගීඑන ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

2024 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සිදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඔවුගේ ප්‍රතිවාදීන් වූ පසු ගියවර ශූරතාව දිනාගත් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන නැගීඑන කණ්ඩායම ලකුණු 135ක සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ඔමේර් යූසුෆ් ලකුණු 68ක් රැස්කළ අතර, අනෙක් පිතිකරුවන්ට ලකුණු 15 සීමාවට හෝ පැමිණීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 21ක් තුළ කඩුලු 04ක් බිඳ දැමූ අතර, නිපුන් රන්සික සහ එෂාන් මාලිංග කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් දැවී පසුකර යමින් තරගය පහසුවෙන් ජයගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර, ළහිරු උදාර වේගවත් ලකුණු 43ක් පන්දු 20ක් තුළ රැස් කළා.

මේ අතර ඕමානයේ පැවැත්වෙන මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර අද (25) රාත්‍රියේ පැවැත්වෙනවා.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2023 නැගීඑන ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව මුණගැසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47
Video thumbnail
තිස්ස කුට්ටිගේ අමුතු ආදර කතාවක් මාට්ටු - මයේ අම්මා ඒකේ ලස්සන
01:34
Video thumbnail
දිලිත්ගේ ප්‍රබලයෙක් රන්ජන්ට එකතුවෙයි - දිල්ශාන් සන්තෝසෙන් කිව්ව කතාව
01:15
Video thumbnail
රන්ජන්ට සල්ලි තියෙනවා - රටේ සමාන්‍ය පුරවැසියන්ටත් හෙලිකොප්ටරේක යන්න පුලුවන් වෙන්න ඕනි
02:26
Video thumbnail
D.V චානක අනුර කුමාරව නැත්තට නැති කරයි
06:00
Video thumbnail
රඹෑව රත්වෙයි - පොලීසියත් එතනට - අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගත් විරෝධතාවය
10:42
Video thumbnail
අනුරට ඕනි පාරිලිමේන්තුවක් හදලා බෑ - නීතිඥ නාමල් රාජපක්ෂ කට අරී
03:24
Video thumbnail
සජබ අසාර්ථක නිසා 3% හිටිය පුංචි විපක්ෂය රාජ්‍ය බලය ගත්තේ - දලිත්ගේ කණ්ඩායමෙන් ලොකු වෙනසක්
07:07
Video thumbnail
කතා කරන හැමෝටම මඩ ගැහුවට අපි අහපු ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නෑනේ - ගම්මන්පිල සැර වෙයි
11:45
Video thumbnail
දේශපාලන පළිගැනීම් කරන්න එපා - ජෝන්ස්ටන් බලන්න ආපු සාගර කාරියවසම් ජනපතිට දෙහි කපයි
02:32

?