ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක් – අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි (වීඩියෝ)

ඉදිරි දින කිහිපයේදී ඇදහැලෙන අධික වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබෙන බවත්; කාලගුණය යහපත් වීමේ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ; අද (16) දිනයේ දී දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත්, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වර්ෂාව ඇදහැලීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

එමෙන්ම බෙංගාල බොක්ක සීමාවේ ඇති ව තිබෙන අඩු පීඩන කලාපය වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් උතුරු පළාතට තද වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව ද වාර්තා වනවා.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම අවට මුහුදු කලාපත්, පුත්තලම සිට කොළඹ ,ගාල්ල හරහා හම්බන්තොට කලාපවලත් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 -2.5ත් අතර අගයක උසට වර්ධනය විය හැකි බව ද වාර්තා වනවා.

මේ අතර ගංවතුර අවදානම්, නායයෑම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 24ක කාලය තුළ උතුරු ප්‍රදේශයට ඇතුළු ව බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

එබැවින් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි ඒ මහතා මහජනතාවට දැනුම්දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03