විදේශ රැකියා ගැටලු සභාපතිට කියන්න ජනතාවට අවස්ථාවක්

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ ව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන්ට අදාළව මෙතෙක් නොවිසඳුණු ගැටලු සෘජුවම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව මහජනතාවට ලබාදීමේ විශේෂ වැඩසටහනල් හඳුන්වා දී තිබෙනවා.

“සභාපතිට කියන්න – Talk to Chairman” නම් මෙම වැඩසටහන මගින් අදාළ ගැටලු සෘජුවම සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කාර්යාංශ සභාපතිවරයා කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

අභිනවයෙන් කාර්යාංශයට පත් වූ නව සභාපති කෝෂල චික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව මෙම වැඩසට‍හන ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබෙනවා.

මීට අමතරව, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

0112 – 864188 දුරකථන අංකය ඔස්සේ ද පැමිණිලි භාරගනු ලැබීම සිදු කෙරෙනවා.

0717 593 593 යන Whatsapp අංකය ඔස්සේ හා talktochairman@sible.lk ලිපිනය ඔස්සේ ද පැමිණිලි යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

විගමණික ප්‍රජාවගේ ගැටලු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සම්ප්‍රදාය අබිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශය ජනතාවට සමිප කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?