AFC Banner
Empty Ad
Empty Ad

විසිදෙලක්ෂයකට වඩා වැඩි වටිනාකමක් ඇති විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් සිටි ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (09) අලුයම 01.00 ට පමණ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසිදෙලක්ෂ විසිදහසක් වටිනා බවටත් හෙළි ව තිබෙනවා.

සැකකාර ගුවන් මගියා වසර 02ක කාලයක් ඩුබායි හි වෙළෙඳසැලක රැකියාවේ නිරත වී ආපසු පැමිණෙමින් සිටි, කැළණිය – ගෝනවල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ ” ප්ලැටිනම් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 14,800ක් අඩංගු දුම්වැටි කාටූන් 74 ක් සඟවා ගෙන සිටියදී, කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ගුවන් මගියා මේ වනවිට පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර , එළඹෙන 16 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?