AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමට අමෙරිකාවෙ සහාය (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙරට අපනයන වෙළෙඳ ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා සිය පූර්ණ සහාය ලබාදීමට එරට රජය එකඟ වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා අතර අද (08) පෙරවරුවේ පැවති විශේෂ සාච්ඡාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය රාජ්‍ය නායක ජෝ බයිඩ්න් ලබාදුන් සුබ පැතුම් පණිවිඩය ද ජූලි චන්ග් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීමට ද මෙහිදී එකඟ ව තිබෙනවා.

US Ambassador 1
US Ambassador 2
US Ambassador 3
US Ambassador 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?