AFC Banner
Empty Ad
Empty Ad

සමගියේ නාම යෝජනා සඳහා ඉදිරිපත්වන අයගේ ගුණදොස් හොයන්න කමිටුවක්

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශව මඟින් මතුකර ඇති විරෝධතා සහ ගැටළු පරික්ෂා කොට වාර්තා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ ප්‍රධානත්වය දරණ අතර, සෙසු සමාජිකයින් ලෙස ජනාධිපති නීතිඥයින් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩී.ජයනාථ කටයුතු කරනවා.

මෙම කමිටුව විසින් ලබාදෙන වාර්තාව වහාම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය වෙත ලබාදෙන ලෙයි උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?