පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම ගැන මෝර්නි මෝකල් නොසතුටින්

ඉන්දීය ජාතික කණ්ඩායමේ නව වේගපන්දු යැවීමේ පුහුණුකරු මෝර්නි මෝකල්; තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම පිළිබඳව නොසතුටට පත්ව සිටින බව වාර්තා වනවා.

සංචාරක බංග්ලාදේශය සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු සැසියක් අතර තුර මෝකල්; පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම පිළිබඳව නොසතුට පළකර ඇති බවයි වාර්තා වන්නේ.

හර්දික් පාණ්ඩ්‍යා පන්දු යැවීමට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෝකල් නොසතුටට පත්ව සිටින බව පැවසෙන අතර, එහිදී සිදුකළ යුතු නිවැරදි කිරීම් පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම හර්දික් කඩුල්ලට ආසන්නයේ පන්දු යැවීම සම්බන්ධයෙන් ද මෝකල් එතරම් සතුටට පත්ව නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව හර්දික් පන්දුව මුදාහැරීමේ ස්ථානය සම්බන්ධයෙන් ද මෝකල් අවදානයෙන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

ග්වාලියර් හි පැවති මෙම පුහුණු සැසියේ දී හර්දික් සමඟ වැඩ කිරීමෙන් පසු මෝකල්; වමතින් වේගපන්දු යවන අර්ෂ්දීප් සිං සහ නවකයින් වන හර්ෂිත් රානා සහ මායන්ක් යාදව් වෙත අවදානය යොමුකර තිබෙනවා.

මේ අතර සංචාරක බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන ඉරිදා (06) ග්වාලියර් හි දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14