ලක්ෂ 30ක අගයක් ඉක්ම වූ විදෙස් දුම්වැටි තොගයක් සමග දෙදෙනකු අල්ලයි

තීරුබදු රහිතව නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුතු මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්මුණ කඳවුරු නිලධාරීන් කණ්ඩායමක් විසින් කල්මුණ පොලිස් වසමේ නජාත් කාර් සෙල් අසල දී මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නීතිවිරෝධී දුම්වැටි 20,200ක් සන්තකයේ තබාගෙන සිටි මරදමුණ 06 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පුද්ගලයකු හා කල්මුණ 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14