AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද දායකයින්ට අයුතු බලපෑම් කළොත් කොමිසම සැර වෙයි

එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්ද දායකයින්ට සිය මනාප පාවිච්චි කිරීමේ දී ඇතැම් දේශපාලන පාර්ශ්ව හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හෝ අල්ලස් ගැනීම්, අල්ලස් ලබාදීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (01) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ 66 සිට 88 දක්වා වන වගන්ති ප්‍රකාරව අදාළ නීතිමය තීරණවලට එළැඹීමේ පූර්ණ අයිතිය කොමිෂන් සභාව සතු වන බවයි.

එබැවින් එවැනි අනීතික ක්‍රියා සිදු කිරීම සඳහා උත්සාහ නොගන්නා ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ.

මේ අතර මැතිවරණය පැවැත්වීමට දින යොදා ඇති නොවැම්බර් මස 14 වැනි දිනය සම්බන්ධයෙන් විවිධ යෝජනා සහ ඉල්ලීම් සිවිල් කණ්ඩායම් විසින් සිදු කරමින් සිටින බවත්; ඒ පිළිබඳ ව ද කොමිසමේ අවධානය යොමු ව ඇති බව ද ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?