ඡන්ද දායකයින්ට අයුතු බලපෑම් කළොත් කොමිසම සැර වෙයි

එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්ද දායකයින්ට සිය මනාප පාවිච්චි කිරීමේ දී ඇතැම් දේශපාලන පාර්ශ්ව හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හෝ අල්ලස් ගැනීම්, අල්ලස් ලබාදීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (01) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ 66 සිට 88 දක්වා වන වගන්ති ප්‍රකාරව අදාළ නීතිමය තීරණවලට එළැඹීමේ පූර්ණ අයිතිය කොමිෂන් සභාව සතු වන බවයි.

එබැවින් එවැනි අනීතික ක්‍රියා සිදු කිරීම සඳහා උත්සාහ නොගන්නා ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ.

මේ අතර මැතිවරණය පැවැත්වීමට දින යොදා ඇති නොවැම්බර් මස 14 වැනි දිනය සම්බන්ධයෙන් විවිධ යෝජනා සහ ඉල්ලීම් සිවිල් කණ්ඩායම් විසින් සිදු කරමින් සිටින බවත්; ඒ පිළිබඳ ව ද කොමිසමේ අවධානය යොමු ව ඇති බව ද ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51