අද සිට පෘථිවිය වටේ යන අලුත් සඳ

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා.

මෙම නව සඳ කුඩා ග්‍රහකයක් බවයි වාර්තා වන්නේ.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යනුවෙන්.

දුරේක්ෂ ආධාරයෙන් ඔවුන්ට ග්‍රහකය සොයා ගැනීමට හැකිවූයේ පසුගිය අගෝස්තු 7වනදා බවයි වාර්තා වන්නේ.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට, ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී පෘථිවිය වටා කක්ෂයක ගමන් කරනවා.

එය දෙවැනි සඳක් යැයි පැවැසෙන්නේ ඒ නිසා බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

නොවැම්බර් 25 වැනිදා ග්‍රහකය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යෑමට නියමිතයි.

2024 PT5 ග්‍රහකය මීටර් 10 ක පළලකින් යුක්ත බව පැවැසෙනවා.

ග්‍රහකය පෘථිවිය වටා යද්දී එය පියවි ඇසින් හෝ සාමාන්‍ය දුරේක්ෂ ආධාරයෙන් හෝ දැක ගත නොහැකි බව සඳහන්.

කෙසේ නමුත් තාරකා විද්‍යාඥයන් විශ්වය නිරීක්ෂණයට යොදා ගන්නා ප්‍රබල දුරේක්ෂවලින් කුඩා පැල්ලමක් ලෙස මෙම නව සඳ දැක ගැනීමට හැකිවනු ඇතැයි වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54