AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිල පහළ යාම නිසා ආහාර රැසක මිල අඩු වෙයි

බිත්තර මිල පහළ යාම නිසා ආහාර රැසක මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සභාපති හර්ෂණ රුක්ෂාන් පියවර ගෙන තිබෙනවා.

ඔහු අද (29) දින මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව, බිත්තර කෑම එකක්, රයිස් සහ කොත්තුවක් රුපියල් 40කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර බිත්තර රොටියක මිල රුපියල් 30කින් පහත දමා ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

අද මධ්‍ය රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් යටතේ එම ආහාර පානවල මිල ගණන් ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කාළා.

මෙම මිල ගණන් යටතේ යම් කිසි අවන්හලක් කටයුතු නොකරන්නේ නම් නීත්‍යානුකූලව ලබාදිය හැකි සෑම දඬුවමක්ම ලබාදීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?