රේගු තනතුරු ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නො රැවටෙන්න – මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙස 2024 සැප්තැම්බර් මස 27, 28, හා 29 දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා ” පෙරහුරු වැඩමුළු” පවත්වන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉහතින් සඳහන් කර ඇති තනතුර සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී අපේක්ෂකයින් හට අමතර ලකුණු ලැබෙන්නේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ලබා ඇති ජයග්‍රහණවලට පමණක් වන අතර එයට අමතරව එහිදී අධ්‍යාපන සුදුසුකම් හා ශාරීරික යෝග්‍යතාව පමණක් පරීක්ෂා කෙරෙනු ඇති.

වෙනත් කිසිම සුදුසුකමක් සඳහා අමතර ලකුණු ලබාදීමක් සම්මුඛ පරීක්ෂණයේ දී සිදු නොකරන බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ.

එම නිසා එම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙරහුරු වැඩමුළුවලට සහභාහී වී අමතර සූදානමක් වීම අවශ්‍ය නොවන බව සියලු අපේක්ෂකයන් වෙත ශ්‍රී ලංකා රේගුව අවධාරණය කර සිටින බවයි විශේෂ නිවේදනයක් අද (24) දිනයේ දී නිකුත් කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?