AFC Banner
Empty Ad
Empty Ad

මේ ජන වරම Anti – Establishment එකක් – අපි දීලා බලමු – සජිත් කිව්ව කතාවක් එළියට (වීඩියෝ)

ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ලබා දුන්නේ තරහකින් මිසෙක හොඳින් සිතා මතා ගත් තීරණයක් නොවන බව සමගි ජන බලවේගය සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිය පාක්ෂිකයින් සමග පැවති රැස්වීමකින් අනතුරුවයි.

මේ වනවිට රටේ ආර්ථිකය අසීරු මට්ටමක පවතින මොහොතක විශාල අභියෝගයක් නව ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සතු වන බවත්; ඊට සහාය ලබාදීමට සූදානම් බව ද සුජීව සේනසිංහ මහතා පැවසුවා.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලකිරීමෙන් සිටිනවා ද යන්නයි.

ඊට හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසුවේ; කිසිදු අයුරකින් සිය පක්ෂ නායකවරයා දුක් නොවන බවත්; මෙම ජන වරම ‘Anti – Establishment‘ නැතහොත් දේශපාලනයේ සමස්තය සමග ම පවතින අමනාපකම මත ජනතාව විසින් ලබාදෙනු ලැබූ තීරණයක් හෙයින් ඊට ගරු කරමින්; නව ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා අවස්ථාව ලබා දීම කළ යුතු බවයි.

එමෙන් ම විපක්ෂ නායකවරයා සහ තම පක්ෂයේ සියලු ම දෙනා එළඹෙන මහ මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් ද අද පැවති සාකච්ඡාවේ දී අදහස් පළ කළ බව ද සුජීව සේනසිංහ මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?