ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳගේ මව, ඔහුගේ දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් ඥාති කාන්තාවක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොලින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් ගුවන් තොටුපොළ “සේද මාවත” ඔස්සේ මෙලෙස ඩුබායි බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කළේ.
මෙම පිරිස අද (20) උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.
මොවුන් ඩුබායි වෙත ගොස් ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.














ඒ කියන්නේ නාමල් දිනනවා කියන එක
ආ එයා යන්නෙ ස්ංචාරක ප්‍රවර්දන වැඩ වලටලුනෙ. ඔය අරගලෙන් පස්සෙ ගියාමයි මගෙ හිතේ. මාලිමා ආංඩුව යටතේ සංචාරක අර්මන්තය නග හිටවන්න යන්න ඇත්තේ. නාමල් රට වටෙ ඉතුරුවෙලා ඉන්න පොහොට්ටු මොඩයන්ගේ චන්දේ ඉල්ලනවා ගෑනියි නැන්දම්මයි චන්දේ දෙන්නෙ නෑ ඌට.