AFC Banner
Empty Ad
Empty Ad

කිවි – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇරඹෙයි

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අද (20) යි.

මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර; අද දිනයේ තරගය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ළහිරු කුමාර පන්දු යැවීමට කැඳවා තිබුණා.

නවසීලන්තය ඊයේ (19) දිනය නිමාවන විට කඩුලු 04ක් දැවී ලකුණු 255ක් ලබා සිටියා.

එහිදී ඊයේ දිනයට ටෙස්ට් අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර ඒවාට හිමිකම් කීමට සමත් වූයේ ටොම් ලැතම් (70) සහ කේන් විලියම්සන් (55) යි.

මේ වනවිට පස්වැනි කඩුල්ලට පිටියෙහි ඩැරිල් මිචෙල් සමගින් ටොම් බ්ලන්ඩ්ල් යි.

මිචෙල් ලකුණු 41ක් ලබා සිටින අතර බ්ලන්ඩ්ල් නොදැවී ලකුණු 18ක් අතැතිව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?