Empty Ad
Empty Ad
 Empty Ad

පෝලිම් යුගයකට නැවත ඉඩ දෙන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

රට අඳුරට ගෙන යන පෝලිම් යුගයකට නැවත ඉඩ නොදෙන ලෙස ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුත්තේ සමෘද්ධිමත්, ස්ථාවර ආර්ථිකයක් ඇති රටක් ගොඩනඟනවා ද, එසේත් නැත්නම් නැවතත් පෝලිම් යුගයකට රට තල්ලු කරනවාද යන්න පමණක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

බදුල්ලේ ඊයේ (16) පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ ජනවරම තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

වැල්පාලමෙන් අසීරුවෙන් එගොඩ කරවමින් සිටින දරුවා ඉදිරියට ගෙන යාමට අර්බුදය හමුවේ පැන ගිය නතාලියා දෙදෙනාට හැකියාවක් නැති බව ද ඔහු මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?