වේග පන්දු ක්‍රීඩක ෆ්‍රෑන්ක් මිසන් අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්ස් හි හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෑන්ක් මිසන් අභාවප්‍රාප්ත වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

මියයන විට ඔහු 85වන වියෙහි පසු වුණා.

මිසන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සුප්‍රසිද්ධ 1960-61 දේශීය තරඟාවලි සහ 1961 එංගලන්ත සංචාරය හරහා ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කළ නමුත් ඔහුගේ ටෙස්ට් දිවිය ආබාධයක් හේතුවෙන් කෙටි වුණා.

ඔහු මෙල්බර්න්හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 58 කට කඩුලු 4 ක් ඇතුළුව 38.50 ට කඩුලු 16 ක් දවා ගත්තා.

ඔහු නිව් සවුත් වේල්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 71කට ක්‍රීඩා කර ඇති අතර 1958 සිට 1964 දක්වා වූ කෙටි තරග දිවියකදී 31.13ට පළමු පෙළ කඩුලු 177ක් දවාගෙන තිබෙනවා.

මිසන් ඔහුගේ තරුණ අවධියේ දක්ෂ මලල ක්‍රීඩකයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28