AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට සුදුසුකම් ලැබූ පාපන්දු ශූරයෝ දිවයිනට

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් සැප්තැම්බර් මස 05 වැනි දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර දී පෙරේදා (10) පැවැත්වුණා.

එම තරගයෙන් ගෝල 2 – 2 ක් ලෙස සමාන වූ අතර; දඬුවම් පහර මගින් ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස තරගය ජය ගැනීමටයි සමත් වූයේ.

එම ජයග්‍රාහික කණ්ඩායම මෙලෙස ඊයේ රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?