AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත්

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් ළමුන් 640,000කට පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටිනවා.

ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර සටනේ මේ වන විට විරාම මාලාවක් පවතින අතර මෙම එන්නත් කිරීමේ වැඩසටහන අද (01) ආරම්භ වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් 90%ක් කෙටි කාලරාමුවක් තුළ ප්‍රතිශක්තිකරණය කළ යුතු බවයි.

වසර 25 කට පසු ගාසා තීරයේ පළමු තහවුරු කරන ලද පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසුව, මෙම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙකු පවසන්නේ මෙම රෝගය තවත් ළමුන්ට ආසාදනය වී කලාපීය වශයෙන් අවදානමක් විය හැකි බැවින් හැකි ඉක්මනින් පිළියම් සෙවිය යුතු බවයි.

පසුගිය ජූනි මාසයේ දී ලබාගත් අපජල සාම්පලවල වෛරසය සොයාගැනීමෙන් පසු , එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙලෙසින් හදිසි එන්නත් වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?