AFC Banner
Empty Ad
Empty Ad

ෂැන්ෂාන් ජපානය කලඹයි

ප්‍රබල සුළි කුණාටුවක් වන ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට කඩා වැදීමෙන් පසුව පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) ප්‍රකාශ කරන්නේ, ෂැන්ෂාන්, දකුණු දිග Kyushu දූපතේ, Kagoshima ප්‍රාන්තයට, දේශීය වේලාවෙන් ඊයේ (28) උදෑසන 08ට පමණ කඩාවැදී ඇති බවයි.

වඩාත් ප්‍රචණ්ඩ කුණාටු, නායයෑම්, ගංවතුර සහ මහා පරිමාණ හානි පිළිබඳ අනතුරු ඇඟවීම් සඳහා වන නියෝජිතායතනය සිය දුර්ලභ “විශේෂ අනතුරු ඇඟවීමක්” මේ හේතුවෙන් නිකුත් කර තිබුණා.

දිවයිනෙන් පැයට කිලෝමීටර් 252ක් (පැයට සැතපුම් 157) දක්වා වූ තද සුළං වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ.

මිලියන 12.5ක ජනතාවක් වෙසෙන Kyushu හි ඇතැම් ප්‍රදේශවලට පැය 24ක් තුළ මිලිමීටර් 600ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

නිවාස 25,500කට පමණ මේ වන විට (29) විදුලිය විසන්ධි වී ඇති අතර Kagoshima සහ Miyazaki ප්‍රාන්තවල අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම සතිය මුලදී, ප්‍රාදේශීය ආණ්ඩු විසින් ජපානයේ ප්‍රධාන දිවයින වන Honshu හි මධ්‍යම Shizuoka ප්‍රාන්තයේ පුද්ගලයින් 810,000කට ඉවත් කිරීමේ උපදේශන නිකුත් කරන තිබුණා.

තවත් 56,000 කට Kyushu හි Kagoshima හි ඔවුන්ගේ නිවසින් පිටව යන ලෙස දන්වා ඇති බව එරට ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?