AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්වලින් හතරදෙනෙක් මරුට

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ඊයේ (26) ඇති වූ දරුණු ගැටුම්වලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, අනුව ලෙබනනයේ මරණ තුනක් සහ ඊශ්‍රායලයේ එක් මරණයක් තහවුරු වී ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කළ අතර, එම ප්‍රහාර එල්ල වී සුළු මොහොතක් ගතවනවාත් සමඟ ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ඉල්ලක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මේ අතර හිස්බුල්ලා නායක සයීද් හසන් නස්රල්ලා පැවසුවේ, පසුගිය මාසයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරි ෆුවාඩ් ෂුක්ර් ඝාතනයට පළිගැනීමක් ලෙස ඉරාන පිටුබලය ලබන හිස්බුල්ලා කණ්ඩායමේ ප්‍රහාරය සැලසුම් කළ පරිදි අවසන් කර ඇති බවයි.

එමෙන්ම හිස්බුල්ලා සටන් විරාම සාකච්ඡා සඳහා කාලය ලබාදීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ප්‍රමාද කර ඇති අතර, පූර්න පරිමානයේ යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා සිය ප්‍රහාරය අවමකර ඇති බවයි හිස්බුල්ලා නිලධාරියෙක් පැවසුවේ.

ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ රට පූර්ණ පරිමාණ යුද්ධයක් අපේක්ෂා නොකළ නමුත්, මෙය කතාවේ අවසානය නොවන බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවූ බවයි පැවසුවේ.

මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය ද අඛණ්ඩව සිදු වූ අතර, සඳුදා (26) අලුයම ගාසා නගරයේ දී අවම වශයෙන් පලස්තීනුවන් පස්දෙනෙකු ගුවන් ප්‍රහාරවලින් මියගිය බව නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සියවන වෆා පවසනවා.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලය ප්‍රකාශ කළ පැය 48ක හදිසි තත්ත්වය තවමත් ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?