ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්වලින් හතරදෙනෙක් මරුට

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ඊයේ (26) ඇති වූ දරුණු ගැටුම්වලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, අනුව ලෙබනනයේ මරණ තුනක් සහ ඊශ්‍රායලයේ එක් මරණයක් තහවුරු වී ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කළ අතර, එම ප්‍රහාර එල්ල වී සුළු මොහොතක් ගතවනවාත් සමඟ ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ඉල්ලක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මේ අතර හිස්බුල්ලා නායක සයීද් හසන් නස්රල්ලා පැවසුවේ, පසුගිය මාසයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරි ෆුවාඩ් ෂුක්ර් ඝාතනයට පළිගැනීමක් ලෙස ඉරාන පිටුබලය ලබන හිස්බුල්ලා කණ්ඩායමේ ප්‍රහාරය සැලසුම් කළ පරිදි අවසන් කර ඇති බවයි.

එමෙන්ම හිස්බුල්ලා සටන් විරාම සාකච්ඡා සඳහා කාලය ලබාදීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ප්‍රමාද කර ඇති අතර, පූර්න පරිමානයේ යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා සිය ප්‍රහාරය අවමකර ඇති බවයි හිස්බුල්ලා නිලධාරියෙක් පැවසුවේ.

ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ රට පූර්ණ පරිමාණ යුද්ධයක් අපේක්ෂා නොකළ නමුත්, මෙය කතාවේ අවසානය නොවන බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවූ බවයි පැවසුවේ.

මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය ද අඛණ්ඩව සිදු වූ අතර, සඳුදා (26) අලුයම ගාසා නගරයේ දී අවම වශයෙන් පලස්තීනුවන් පස්දෙනෙකු ගුවන් ප්‍රහාරවලින් මියගිය බව නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සියවන වෆා පවසනවා.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලය ප්‍රකාශ කළ පැය 48ක හදිසි තත්ත්වය තවමත් ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14