ගණිකාවන් 30,000ක් – සමලිංගික පිරිමින් 80,000ක් රට ඇතුළේ

ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සංඛ්‍යාවක් සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

එමෙන්ම සමලිංගික පිරිමින් 80,000ක් පමණ සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බවයි වෛද්‍යවරයා පවසන්නේ.

පසුගිය කාලසීමාවේ දී ලිංගාශ්‍රිත බෝවන රෝගවල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සඳහන් කළ වෛද්‍යවරයා 2020 වර්ෂය වන විට ලිංගාශ්‍රිත බෝවන රෝගවලින් හඳුනාගත් ප්‍රමාණය පන්දහසකට ආසන්න වන බවයි පැවසුවේ.

මේ වනවිට එය 11,500 සීමාව ඉක්මවාගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිපිලිස්, ගොනෝරියාව, ලිංගාශ්‍රිත ඉන්නන්, ගොනෝරියා නොවන ලිංගාශ්‍රිත රෝග තත්ත්ව මෙරට බහුල වශයෙන් හමුවන ලිංගාශ්‍රිත බෝවන රෝග ලෙස හඳුනාගෙන ඇති බව ද වෛද්‍යවරයා පැවසුවා.

දැනට ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් ආසාදිකයන් 5000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ද පසුගිය කාලසීමාවේ දී සීයයට තුන්සිය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමත්, රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සායන සඳහා යොමු කිරීමත් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48