AFC Banner
Empty Ad
Empty Ad

රොනාල්ඩෝගෙන් යූ ටියුබ් වාර්තාවක්

ලෝක සුපිරි ගණයේ පාපන්දු ශූරයෙකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය පෞද්ගලික යූ ටියුබ් නාලිකාව දියත් කර පළමු මිනිත්තු 90 තුළ එහි යූ ටියුබ් පරිශීලක ග්‍රාහකයින් මිලියනයකට (මේ වනවිට මිලියන 16ක්) අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමෙන්; ඔහු ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

මෙම සුපිරි ගණයේ ක්‍රීඩකයා තම යූ ටියුබ් නාලිකාව ආරම්භ කරමින් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් කර තිබුණේ; තමන්ගේ සෑම දෙයක් ම ඉදිරියේ දී මෙම නාලිකාවෙන් ගෙන එන බවත්; ඒ සමග එකතු වන ලෙසයි.

39 හැවිරිදි, රොනාල්ඩෝ පස් වතාවක් Ballon d’Or සම්මානය ද දිනා ඇති අතර; සෞදි අරාබි පාපන්දු සමාජය වන Al Nassr සඳහා ක්‍රීඩා කරන ප්‍රධානතම පෙළේ යුරෝපීය ක්‍රීඩකයෙක් ද වනවා.

දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරගවල දී පෘතුගාලය නියෝජනය කිරීමටත් කණ්ඩායමේ නායකත්වය දැරීමටත් රොනාල්ඩෝ සමත් ව සිටිනවා.

ඔහුගේ පළමු වීඩියෝව පළ කිරීමෙන් පැය කිහිපයකට පසු, ග්‍රාහකයින් මිලියන 1.69 ක් ඔහුගේ වීඩියෝව නරඹ තිබීම ද විශේෂත්වයක්.

රොනාල්ඩෝට X වේදිකාවේ අනුගාමිකයින් මිලියන 112.5 ක්, ෆේස්බුක් හි මිලියන 170ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636 ක් සිටින ජනප්‍රිය තලයේ පාපන්දු තරුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?