රොනාල්ඩෝගෙන් යූ ටියුබ් වාර්තාවක්

ලෝක සුපිරි ගණයේ පාපන්දු ශූරයෙකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය පෞද්ගලික යූ ටියුබ් නාලිකාව දියත් කර පළමු මිනිත්තු 90 තුළ එහි යූ ටියුබ් පරිශීලක ග්‍රාහකයින් මිලියනයකට (මේ වනවිට මිලියන 16ක්) අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමෙන්; ඔහු ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

මෙම සුපිරි ගණයේ ක්‍රීඩකයා තම යූ ටියුබ් නාලිකාව ආරම්භ කරමින් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් කර තිබුණේ; තමන්ගේ සෑම දෙයක් ම ඉදිරියේ දී මෙම නාලිකාවෙන් ගෙන එන බවත්; ඒ සමග එකතු වන ලෙසයි.

39 හැවිරිදි, රොනාල්ඩෝ පස් වතාවක් Ballon d’Or සම්මානය ද දිනා ඇති අතර; සෞදි අරාබි පාපන්දු සමාජය වන Al Nassr සඳහා ක්‍රීඩා කරන ප්‍රධානතම පෙළේ යුරෝපීය ක්‍රීඩකයෙක් ද වනවා.

දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරගවල දී පෘතුගාලය නියෝජනය කිරීමටත් කණ්ඩායමේ නායකත්වය දැරීමටත් රොනාල්ඩෝ සමත් ව සිටිනවා.

ඔහුගේ පළමු වීඩියෝව පළ කිරීමෙන් පැය කිහිපයකට පසු, ග්‍රාහකයින් මිලියන 1.69 ක් ඔහුගේ වීඩියෝව නරඹ තිබීම ද විශේෂත්වයක්.

රොනාල්ඩෝට X වේදිකාවේ අනුගාමිකයින් මිලියන 112.5 ක්, ෆේස්බුක් හි මිලියන 170ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636 ක් සිටින ජනප්‍රිය තලයේ පාපන්දු තරුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47