හර්ෂිතා – අතපත්තු එක් ව අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට ගෙන දෙයි

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – අයර්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වූ අවසන් තරගය කඩුලු 08කින් විශිෂ්ට ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

තරගය අද (20) බෙල්ෆාස්ට් හිදී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු කරමින්.

කාසියේ වාසිය දිනූ නායිකා චමරි අතපත්තු පළමු ව පන්දු යැවීමේ තෝරා ගත්තා.

ආරම්භයේ සිටම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 50ක් වන විට මුල් පෙළ කඩුලු 04 අයර්ලන්තයෙන් උදුරා ගන්නට සමත් ව සිටියා.

පන්දුවාර 50 අවසන් වීමටත් පෙර අයර්ලන්තය සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 122ක් පමණි.

කඩුලු බිඳ දැමීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 15කට කඩුලු 03ක් ද, අචිනි කුලසූරිය ලකුණු 35කට කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

සචිනි නිසංසලා කඩුලු 02ක් ද, ඉනෝෂි සහ අමා කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවරු කරගත්තේ කඩුලු 02ක් පමණක් දැවී පන්දුවාර 23කුත් එක් පන්දුවක් අවසන් වනවිටදීයි.

නායිකා චමරි එක්දින තවත් අර්ධ ශතකයක් පෙනෙන මානයේ දී ලකුණු 48කට දැවී ගිය අතර, කවදත් පිත්තෙන් දස්කම් දක්වන හර්ෂිතා පන්දු 56ක දී නොදැවී ලකුණු 48ක් රැස් කළා.

ඊට හැඩකාර හතරේ පහර 07ක් ද ඇතුළත්.

Ava Canning සහ Freya Sargent එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 15කට කඩුලු 03ක් බිඳ දමා, ලකුණු 48ක් පිත්තෙන් ලබාගත් නායිකා චමරි හට හිමිවුණා.

තරගාවලියේ වීරයා සම්මානය අයර්ලන්තයේ Arlene Kelly විසින් දිනා ගනු ලැබුවා.

ඒ අනුව එක්දින තරගාවලියේ තරග 2-1ක් ලෙස ජය ගනිමින් අයර්ලන්තය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබූ අතර; එරට දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් වූ පන්දුවාර 20 තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිළම ජය ගනිමින් සම වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41