AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

අභ්‍යාසලාභී වෛද්‍යවරියක් සිය රාජකාරි වේලාව තුළ දී කොල්කටා රෝහලක දී දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් රටපුරා ක්‍රියාත්මක විරෝධතා මධ්‍යයේ, සෑම පැය දෙකකට වරක් නීතිය හා සාමය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත පොලිසි වෙත නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව තැපැල්, ෆැක්ස් හෝ වට්ස්ඇප් හරහා එම වාර්තා එවන ලෙසටයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත්තේ.

බටහිර බෙංගාලයේ කොල්කටා හි ආර්ජී කාර් වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ, අභ්‍යාසලාභී 31 හැවිරිදි වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා පැවැත් වෙනවා.

මෙම සාහසික ක්‍රියාවට විරෝධය පළකරමින් සහ තම ආරක්ෂාව තහවුරු කරන දෙන බලකරමින් ඉන්දියාවේ වෛද්‍යවරුවන් වැඩ වර්ජනයක් ද ආරම්භ කළා.

රට පුරා රෝහල් සහ සායන තුළ වෛද්‍යවරු විසින් හදිසි නොවන රෝගීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මිලියන ගණනක රෝගීන් පීඩාවට පත් වුණා.

කෙසේ වෙතත් වෛද්‍යවරු විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (18) උදෑසන හයට අවසන් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?