ඉන්දීය වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

අභ්‍යාසලාභී වෛද්‍යවරියක් සිය රාජකාරි වේලාව තුළ දී කොල්කටා රෝහලක දී දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් රටපුරා ක්‍රියාත්මක විරෝධතා මධ්‍යයේ, සෑම පැය දෙකකට වරක් නීතිය හා සාමය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත පොලිසි වෙත නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව තැපැල්, ෆැක්ස් හෝ වට්ස්ඇප් හරහා එම වාර්තා එවන ලෙසටයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත්තේ.

බටහිර බෙංගාලයේ කොල්කටා හි ආර්ජී කාර් වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ, අභ්‍යාසලාභී 31 හැවිරිදි වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා පැවැත් වෙනවා.

මෙම සාහසික ක්‍රියාවට විරෝධය පළකරමින් සහ තම ආරක්ෂාව තහවුරු කරන දෙන බලකරමින් ඉන්දියාවේ වෛද්‍යවරුවන් වැඩ වර්ජනයක් ද ආරම්භ කළා.

රට පුරා රෝහල් සහ සායන තුළ වෛද්‍යවරු විසින් හදිසි නොවන රෝගීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මිලියන ගණනක රෝගීන් පීඩාවට පත් වුණා.

කෙසේ වෙතත් වෛද්‍යවරු විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (18) උදෑසන හයට අවසන් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16