ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
අරගල සමයේ දී මෙරටට ඉල්ලා සිටියේ තරුණ නායකත්වයක් බවත්; මේ මොහොතේ සිටින ජනපති ධුරයට සුදුසුම තරුණ නායකයා නාමල් රාජපක්ෂ බවත් මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්මැලි මහා සෑය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඊයේ අනුරාධපුර පැවති ජන හමුවක් සඳහා ද එක් වුණා.
එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ; හොඳම තරුණ නායකයා නාමල් රාජපක්ෂ බවත් ඔහුගේ ජයග්‍රහණය ස්ථීර බවයි.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම පිළිබඳව ද, ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන ද තවදුරටත් සලකා බලන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.