AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට එරෙහි ව තරග වදින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ (නිවේදනය)

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක් වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නිල නිවේදනය ක්‍රීඩකයින් 16 දෙනෙකු එක් කරමින් නිකුත් කරනු ලැබුවා.

එක්දින තරගාවලියේ නායකත්වය චරිත් අසලංක හට හිමි ව තිබෙනවා.

පිතිකරණ ලැයිස්තුවෙන් පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස් එක් කර තිබෙනවා.

ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක ද මෙම තරගාවලියට එක් කර තිබීම ද විශේෂත්වයක්.

පන්දු බලඇණිය වෙනුවෙන් දඟ පන්දු වෙනුවෙන් වනිඳු හසංරග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ අකිල ධනජංය කැඳවා තිබෙනවා.

චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු වේග පන්දු බලඇණිය ලෙස මෙම එක්දින තරගාවලියට එක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?