AFC Banner
Empty Ad
Empty Ad

වත්තල ගෙයක් ගිනිගනී – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල, මාටගොඩ ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අදාළ තෙමහල් නිවසේ දෙවැනි මහලේ පිහිටි කාමරයක් තුළ පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල සහිතව මියගොස් සිටිය දී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 90ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා පමණක් නිවසේ රැඳී සිට ඇති අතර, ඔහුගේ බිරිඳ දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවස වෙත ගොස් ඇති බව සඳහන්.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?