පාන් ගෙඩියේ මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10.00කින් අඩු කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ (26) දැනුම් දුන්නා.

ඒ, අනුව පාන් ගෙඩියක මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

මෙම වැටලීම් සඳහා විමර්ශන අංශයේ නිලධාරීන්ට මේ වනවිටත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.