AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියක ගිය යුවළක් ඉලක්ක කර මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය, ගල්පොත්තයාය – ජූලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර, යතුරුපැදිය පෙරළී යාමෙන් එහි පිටුපස ගමන්ගත් කාන්තාව ද තුවාල ලබා තිබෙනවා.

මිද්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති ඔවුන් වැඩිදුර ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 40ක කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර, එම යුවළ ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් වෙඩි තැබීමට යොදාගත් මෙරට නිෂ්පාදිත එම ස්ථානයේම දමා පළාගොස් තිබෙනවා.

වෙඩික්කරුවන් පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?