යතුරුපැදියක ගිය යුවළක් ඉලක්ක කර මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය, ගල්පොත්තයාය – ජූලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර, යතුරුපැදිය පෙරළී යාමෙන් එහි පිටුපස ගමන්ගත් කාන්තාව ද තුවාල ලබා තිබෙනවා.

මිද්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති ඔවුන් වැඩිදුර ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 40ක කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර, එම යුවළ ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් වෙඩි තැබීමට යොදාගත් මෙරට නිෂ්පාදිත එම ස්ථානයේම දමා පළාගොස් තිබෙනවා.

වෙඩික්කරුවන් පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06