AFC Banner
Empty Ad
AFC Banner

කොළඹ පන්දු බලඇණිය හමුවේ දඹුල්ල අසරණ වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය ජයග්‍රහණය කිරීමට කොළොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ප්‍රතිවාදී දඹුල්ලෙන් ලකුණු 124ක ඉලක්කයක් හිමි වුණා.

අද (16) රාත්‍රී 7.30ට මෙම තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි කාසියේ වාසිය දිනා ගත්තේ කොළොම්බු කණ්ඩායමේ නායක තිසර පෙරේරා විසින්.

කෙසේවෙතත් තිසරගේ තීරණය වූයේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තමන් තෝරාගත යුතු බවයි.

එම තීරණයෙන් ඇරයුම් ලැබූ සික්සර්ස්වරුන් පළමු ව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ පිතිකරුවන්ට නම් සාර්ථක ලකුණකට පිවිසෙන්නට කොළොම්බු කණ්ඩායමේ පන්දු බලඇණිය ඉඩක් දුන්නේ නැහැ.

මුල් පෙළ පිතිකරුවන් බිනුර ප්‍රනාන්දුගේ පන්දු හමුවේ ඇඳ වැටෙද්දී දඹුලු කණ්ඩායමේ මුල් කඩුලු 05ම ලකුණු 60ක් වනවිටත් බිඳ වැටී තිබෙන අයුරු දක්නට ලැබුණා.

මහත් ආයාසයකින් ලකුණු අතරට පිවිස කණ්ඩායමේ ලකුණු පුවරුව ශතකයක් දක්වා ඔසවා තබන්නට සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනා වූයේ නායක මොහොමඩ් නබී සහ චමිඳු වික්‍රමසිංහයි.

මොහොමඩ් නබී ලකුණු 40ක් ලබා සිටියදී බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර; නබීට සහායක් දුන් චමිඳු ද ලකුණු 26ක් ලබා සිටියදී මතීෂගේ පන්දුවකට දැවී ගියා.

ඉන් අනතුරුව යළිත් දඹුලු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිවෙළින් අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්ම, පන්දුවාර 20 අවසානය වන විට ඔවුන් සියල්ල ම දැවී ලකුණු 123ක් පමණක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 15කට කඩුලු 03ක් ද, දුනිත් සහ මතීෂ කඩුලු 02ක බැගින් සහ ඉසිත විජේසුන්දර එක් කඩුල්ල බැගින් ද බිඳ හෙලුවා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කර මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට කොළොම්බු කණ්ඩායමට ලකුණු 124ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

මෙම තරගය දඹුලු කණ්ඩායම අද දිනයේ දී පරාජය වුවහොත් ඔවුන් නිසැකයෙන් ම මෙවර තරගාවලියෙන් ඉවතට විසිවන අතර; තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 04 වන්නේ ගෝල් මාර්වල්ස්, ජැෆ්නා කින්ග්ස්, කොලොම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් කරන්න යන දේ
11:43
Video thumbnail
ධනංජය සහ බෝපගේ කස්තිරමේ ඇවිලෙයි
03:46
Video thumbnail
නාමල්ගේ කතාව මැද මල පැන්න මාමා කුණුහරපෙන් අමතයි
03:10
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:20
Video thumbnail
අනුර දිනපු එකට මට සතුටුයි - සජබ අපේක්ෂකයා කියයි
04:12
Video thumbnail
ජන අරගලය මාලිමාව නැත්තට නැති කරයි
03:18
Video thumbnail
එයාලට මේ පරාජය දරාගන්න බෑ - "ගෙවල් වලට එන ගෙම්බො වගේ මෙයාලා" #anurakumaradissanayake
08:42
Video thumbnail
වෛද්‍ය චමල් සංජීවගෙන් ඇඟ හිරි වැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකන්
11:15
Video thumbnail
දමිතා ගිය අලුත් පක්ෂයේ ලොකු වලියක් - හැමෝම හැමෝගෙම රෙදි නැති කරයි
21:56
Video thumbnail
ප්‍රසිද්ධ වේදිකාවේ ලන්සාට දෙක පැටලෙයි - පෙත්තෙක් වගේ කියෙව්වට මෙලෝ දැනුමක් නෑ
02:49

?