කොළඹ පන්දු බලඇණිය හමුවේ දඹුල්ල අසරණ වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය ජයග්‍රහණය කිරීමට කොළොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ප්‍රතිවාදී දඹුල්ලෙන් ලකුණු 124ක ඉලක්කයක් හිමි වුණා.

අද (16) රාත්‍රී 7.30ට මෙම තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි කාසියේ වාසිය දිනා ගත්තේ කොළොම්බු කණ්ඩායමේ නායක තිසර පෙරේරා විසින්.

කෙසේවෙතත් තිසරගේ තීරණය වූයේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තමන් තෝරාගත යුතු බවයි.

එම තීරණයෙන් ඇරයුම් ලැබූ සික්සර්ස්වරුන් පළමු ව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ පිතිකරුවන්ට නම් සාර්ථක ලකුණකට පිවිසෙන්නට කොළොම්බු කණ්ඩායමේ පන්දු බලඇණිය ඉඩක් දුන්නේ නැහැ.

මුල් පෙළ පිතිකරුවන් බිනුර ප්‍රනාන්දුගේ පන්දු හමුවේ ඇඳ වැටෙද්දී දඹුලු කණ්ඩායමේ මුල් කඩුලු 05ම ලකුණු 60ක් වනවිටත් බිඳ වැටී තිබෙන අයුරු දක්නට ලැබුණා.

මහත් ආයාසයකින් ලකුණු අතරට පිවිස කණ්ඩායමේ ලකුණු පුවරුව ශතකයක් දක්වා ඔසවා තබන්නට සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනා වූයේ නායක මොහොමඩ් නබී සහ චමිඳු වික්‍රමසිංහයි.

මොහොමඩ් නබී ලකුණු 40ක් ලබා සිටියදී බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර; නබීට සහායක් දුන් චමිඳු ද ලකුණු 26ක් ලබා සිටියදී මතීෂගේ පන්දුවකට දැවී ගියා.

ඉන් අනතුරුව යළිත් දඹුලු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිවෙළින් අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්ම, පන්දුවාර 20 අවසානය වන විට ඔවුන් සියල්ල ම දැවී ලකුණු 123ක් පමණක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 15කට කඩුලු 03ක් ද, දුනිත් සහ මතීෂ කඩුලු 02ක බැගින් සහ ඉසිත විජේසුන්දර එක් කඩුල්ල බැගින් ද බිඳ හෙලුවා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කර මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට කොළොම්බු කණ්ඩායමට ලකුණු 124ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

මෙම තරගය දඹුලු කණ්ඩායම අද දිනයේ දී පරාජය වුවහොත් ඔවුන් නිසැකයෙන් ම මෙවර තරගාවලියෙන් ඉවතට විසිවන අතර; තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 04 වන්නේ ගෝල් මාර්වල්ස්, ජැෆ්නා කින්ග්ස්, කොලොම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14