AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය ගැන තීන්දුව අගෝස්තු දෙවැනි සතියේ

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනි දා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකඟත්වය පළ වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

පොදු ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, විකල්ප වාහන, සාමාන්‍ය වාහන සහ පෞද්ගලික වාහන යන අනුපිළිවෙළ යටතේ රථ වාහන ආනයන කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය රථ වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මෙතෙක් එම වාහන අතුරින් කිසිවක් ආනයනය කර නොමැති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා තිබෙනවා.

මේ යටතේ බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් ආනයනයට අවසර ලබා දී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ අවසරයට යටත්ව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?