වාහන ආනයනය ගැන තීන්දුව අගෝස්තු දෙවැනි සතියේ

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනි දා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකඟත්වය පළ වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

පොදු ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, විකල්ප වාහන, සාමාන්‍ය වාහන සහ පෞද්ගලික වාහන යන අනුපිළිවෙළ යටතේ රථ වාහන ආනයන කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය රථ වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මෙතෙක් එම වාහන අතුරින් කිසිවක් ආනයනය කර නොමැති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා තිබෙනවා.

මේ යටතේ බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් ආනයනයට අවසර ලබා දී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ අවසරයට යටත්ව යි.

  1. අලුත් වාහන රටට අවශ්‍යයි ,පරන වාහන නිසා රටේ මිනිසුන්ගේ කාලය ධනය සියල්ල අපතේ යමින් පවතී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17