බේරුවල උද්‍යානයෙන් මළ සිරුරක් හමුවෙයි

බේරුවල වෙරළ උද්‍යානයෙන් පුද්ගල මළසිරුරක් හමු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම මළ සිරුරෙහි අනන්‍යතාව හඳුනාගෙන ඇති බවත්; හෙතෙම ත්‍රීවීල් රථයෙන් මත්ස්‍ය අලෙවියෙහි යාමට රැගෙන සිටි තැනැත්තෙකු බවයි.

මෙම මියගිය තැනැත්තා දෛනික ව බේරුවල ධීවර වරායෙන් මත්ස්‍යයින් රැගෙන යන්නෙකු බවටත් තොරතුරු හෙළි ව තිබෙනවා.

අද (02) උදෑසන බේරුවල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සොයා බැලීමේ දී බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපස ඇති වෙරළ උද්‍යානය ආසන්නයේ ගල් බංකුවක් අසලයි මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ නො. 03 නව නිවාස ,කෙටි පාර ,ගෝවින්න ලිපිනයේ පදිංචි 46 හැවිරිදි කමල් වසන්ත නමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.