බේරුවල උද්‍යානයෙන් මළ සිරුරක් හමුවෙයි

බේරුවල වෙරළ උද්‍යානයෙන් පුද්ගල මළසිරුරක් හමු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම මළ සිරුරෙහි අනන්‍යතාව හඳුනාගෙන ඇති බවත්; හෙතෙම ත්‍රීවීල් රථයෙන් මත්ස්‍ය අලෙවියෙහි යාමට රැගෙන සිටි තැනැත්තෙකු බවයි.

මෙම මියගිය තැනැත්තා දෛනික ව බේරුවල ධීවර වරායෙන් මත්ස්‍යයින් රැගෙන යන්නෙකු බවටත් තොරතුරු හෙළි ව තිබෙනවා.

අද (02) උදෑසන බේරුවල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සොයා බැලීමේ දී බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපස ඇති වෙරළ උද්‍යානය ආසන්නයේ ගල් බංකුවක් අසලයි මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ නො. 03 නව නිවාස ,කෙටි පාර ,ගෝවින්න ලිපිනයේ පදිංචි 46 හැවිරිදි කමල් වසන්ත නමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14