මුහුදේ පාවූ බෝතලයක තිබූ දියර වර්ගයක් බී ධීවරයින් දෙදෙනෙක් මරුට – තවත් පිරිසකට බරපතළයි

මේ මස මුල් සතියේ තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු එම යාත්‍රාවේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා අතර යාත්‍රාවේ ස්කීපර්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ද වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම දියර වර්ගය පානය කළ යාත්‍රාවේ සිටින තවත් ධීවරයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි තංගල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (29) දින තංගල්ල මූලස්ථාන පොලිසිය වත පැමිණිලි කර ඇති අතර, අදාළ ධීවර යාත්‍රාව මේ වනවිට නාවික සැතපුම් 320ක් දුර ගැඹුරු මුහුදේ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර නාවික හමුදාව සඳහන් කළේ නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් ධීවර යාත්‍රාව හා දුරකථන සංඥා මාර්ගයෙන් සම්බන්ධ වී ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලබාදීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව මෙම ධීවර යාත්‍රාව පිහිටි මුහුදු සීමාව ආසන්නයෙන් ගමන් ගන්න නාවික යාත්‍රාවලට ද මේ සම්බන්ධයෙන් දැනුම්දීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34