AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාව යළිත් සිරිල් අතට

දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී සභාග ගිවිසුමකින් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව විසින් නැවතත් සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

ඔහුගේ තෝරා ගැනීමෙන් අනතුරුව රමෆෝසා විසින් නව සන්ධානයට ප්‍රශංසා කළ අතර, “රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට සහ එකට වැඩ කිරීමට” අපේක්ෂා කරන බව ඡන්දදායකයින් වෙත ප්‍රකාශ කළා.

පසුගිය මැයි 29 වනදා පැවති මැතිවරණයෙන් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමෙන්තුවේ නව මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අරම්භ වී තිබෙනවා.

ඒ, වසර 30කට පසු පළමු වතාවට අප්‍රිකානු ජාතික කොංග්‍රසයට බහුතර බලය අහිමි වූ පසුබිමකයි.

ඒ, අනුව මෙවර මැතිවරණ ප්‍රතිඵලය අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සන්ධානගතවීමට බලකර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ මන්ත්‍රීවරුන් විසින් කථානායක, නියෝජ්‍ය කථානායක සහ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකළ යුතුයි

මෙවර මැතිවරණයේ දී ජාතික කොංග්‍රසය 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර විරුද්ධ පක්ෂ 22% ක් ලබා දෙවන ස්ථානයට පත් වුණා.

කෙසේ වෙතත් ජාතික කොංග්‍රස මහලේකම් සභාග ගනුදෙනුව හැඳින්වූයේ ‘විශිෂ්ට පියවරක්’ ලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?