දකුණු අප්‍රිකාව යළිත් සිරිල් අතට

දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී සභාග ගිවිසුමකින් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව විසින් නැවතත් සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

ඔහුගේ තෝරා ගැනීමෙන් අනතුරුව රමෆෝසා විසින් නව සන්ධානයට ප්‍රශංසා කළ අතර, “රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට සහ එකට වැඩ කිරීමට” අපේක්ෂා කරන බව ඡන්දදායකයින් වෙත ප්‍රකාශ කළා.

පසුගිය මැයි 29 වනදා පැවති මැතිවරණයෙන් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමෙන්තුවේ නව මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අරම්භ වී තිබෙනවා.

ඒ, වසර 30කට පසු පළමු වතාවට අප්‍රිකානු ජාතික කොංග්‍රසයට බහුතර බලය අහිමි වූ පසුබිමකයි.

ඒ, අනුව මෙවර මැතිවරණ ප්‍රතිඵලය අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සන්ධානගතවීමට බලකර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ මන්ත්‍රීවරුන් විසින් කථානායක, නියෝජ්‍ය කථානායක සහ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකළ යුතුයි

මෙවර මැතිවරණයේ දී ජාතික කොංග්‍රසය 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර විරුද්ධ පක්ෂ 22% ක් ලබා දෙවන ස්ථානයට පත් වුණා.

කෙසේ වෙතත් ජාතික කොංග්‍රස මහලේකම් සභාග ගනුදෙනුව හැඳින්වූයේ ‘විශිෂ්ට පියවරක්’ ලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34