AFC Banner
Empty Ad
Empty Ad

හමුදා නිලධාරියෙකුගේ නිවසක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන දැවෙයි

බලංගොඩ – බෙලිහුල් ඔය ප්‍රදේශයේ නිවසක් ඊයේ (13) රාත්‍රියේ දී හදිසි ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම මරංගොඩ නම් ගම්මානයේ පිහිටි නිවසක සිදු ව ඇත්තේ රාත්‍රී 11ට පමණ බවයි.

මෙම නිවස යුද හමුදා නිලධාරියෙකුට අයත් නිවසක් බවත් සඳහන්.

ගින්නෙන් මුළු නිවස ම සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.

ගින්න නිවීමට බලංගොඩ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා සමනල වැව පොලිසිය පැමිණිය ද, එය මැඩපැවැත්වීම දැඩි අසීරු වූ බවත් වාර්තා වනවා.

නිවස ගිනි ගන්නා අවස්ථාවේ දී නිවසේ කිසිවකු සිට නොමැති අතර, ගෙහිමි හමුදා නිලධාරියා යාපනය ප්‍රදේශයේ සේවය කරනවා.

සමනල වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?