AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවට හා රුමේනියාවට ශ්‍රී ලංකාවෙන් නව මහ කොමසාරිස්වරු දෙදෙනෙක් පත් කෙරේ

මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම අනුමැතිය පසුගියදා (05) හිමි වූ බවයි.

ඒ අනුව කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස යූ. එල්. එම්.ජවුහාර් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කර තිබෙනවා.

එමෙන්ම ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කළ එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර් මහත්මිය ව රුමේනියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, උදය ගම්මන්පිල සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?