කොළඹ සරසවිය ලොව හොඳම විශ්වවිද්‍යාල ලැයිස්තුවට

කොළඹ විශ්ව විද්‍යාලය ලොව හොඳම විශ්ව විද්‍යාල දහස අතරට පැමිණ තිබෙනවා.

ගුරු – ශිෂ්‍ය අනුපාතය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් ලෝකය පුරා කරනු ලැබූ පර්යේෂණ, ඔවුන් ජාත්‍යන්තර සඟරාදියෙහි පළකළ පර්යේෂණ ලිපි ප්‍රමාණ, ජාත්‍යන්තර කරණයට ලක් වීමේ ප්‍රතිශතය ඇතුළු කරුණු 8ක් පාදක කර ගනිමින් ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණය කරනු ලබනවා.

ඒ අනුවයි කොළඹ විශ්ව විද්‍යාලයත් මෙලෙස ලොව හොඳම විශ්ව විද්‍යාල දහස අතරට එක්ව ඇත්තේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න පැවසුවේ එම වර්ගීකරණයට අනුව 2024 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය 951 වැනි ස්ථානය ලබාගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
2
+1
11
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !