AFC Banner
Empty Ad
Empty Ad

සුඛෝපභෝගී වාහන 06ක් අල්ලස් කොමිසමට භාරදෙන ලෙස නියෝග

බදු ගෙවීම පැහැර හරිමන් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 06ක් වහාම අල්ලස් කොමිසම වෙත භාරදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒවායේ හිමිකරුවන්ට නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රුපියල් කෝටි 60ක් පමණ වටිනාකමකින් යුත් මොන්ටේරෝ සහ ලෑන්ක් කෘසර් වර්ගයේ වාහන හයක් රුපියල් මිලියන 300ක බදු ගෙවීම පැහැර හරිමින් නිදහස් කරගෙන ඇති බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කරමින් නීති විරෝධී ලෙස වාහන මෙම වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණයකට අදාළව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම මෙම නියෝගය ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?