රාජ්කොට් විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළ නගී

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඊයේ (25) හටගත් ගින්නෙන් මියගිය් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු ද සිටින බවයි.

ගින්නට හසුව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකුගේ සිරුරු හඳුනාගැනීම නොහැකි ලෙස පිළිස්සී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ගිනි නිවන භටයින් සඳහන් කරනවා.

ගුජරාටයේ ස්වදේශ කටයුතු අමාත්‍ය හර්ෂ් සංග්වි අද (26) අලුයම සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

මෙම ඛේදජනක සිදුවීමෙන් පසු එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන් වී ඇති බව පැවසෙනවා.

රාජ්කොට් පොලිසිය පැවසුවේ ක්‍රීඩා කලාපයේ හිමිකරු සහ කළමනාකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට ගෙන ගිය බවයි.

මේ අතර ගුජරාට් ප්‍රාන්ත රජය විශේෂ විමර්ශන කණ්ඩායමකට සිදුවීම විමර්ශනයට පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03